ගාලුමුවදොර උද්ඝෝෂණය අද

කොළඹ ගාලූමුවදොර පිටියේ අද (09 දා) දින පැවැත්වීමට නියමිතව ඇති බව කියන දැවැන්ත උද්ඝෝෂණයේදී උද්ඝෝෂකයන් කලහකාරී ලෙස හැසිරීමට උත්සාහ කළහොත් ඊට මුහුණදීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සීරුවෙන් තබා ඇත.

පොලිස් කැරලි මර්දන ඒකක මෙන්ම බස්නාහිර පළාතේ වෙනත් පොලිස් කොට්ඨාසවලින් විශේෂ පොලිස් කණ්ඩායම් කොළඹට කැඳවා ඇති අතර අවශ්‍ය වූවොත් යුදහමුදාවේ ආරක්‍ෂාව ද ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පැවසීය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේ මෙම උද්ඝෝෂණයට පැමිණෙන පුද්ගලයන් කලහකාරී ලෙස හැසිරීමට කටයුතු නොකර සාමකාමීව සිය විරෝධතාව දැක්වීමට කටයුතු කළහොත් කිසිම ගැටලූවක් නොවන බවයි.

එසේ නොකර කලහකාරී ලෙස හැසිරෙමින් ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ ප‍්‍රභූ නිවාස වලට ඇතුළුවීමට උත්සාහ කළහොත් බලය පාවිච්චි කර එය නතර කිරීමට කටයුතු කරන බවද එම නිලධාරියා කියා සිටියේය.

මෙම උද්ඝෝෂණය සඳහා සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පුළුල් ප‍්‍රචාරයක් ලබාදී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04