නව ඇමැති මණ්ඩලය අද දිවුරුම් දීමට සූදානම්

තිහක සීමාවේ තිබූ කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව අඩකින් පමණ අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමුවී තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නව ඇමැති මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරිපිට අද (8 වැනිදා) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතය. ඒ අනුව මෙතෙක් ඇමැති ධුර හිමිවූ මන්ත්‍රිවරුන් රැසකට ඇමැති ධුර අහිමි වන බවද වාර්තා වෙයි. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඉවත් වීමෙන් පසු එම ඇමැති ධුරයට පත්කළ හිටපු අධිකරණ ඇමැති අලි සබ්‍රිද තම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත. එහෙත් එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා මෙතෙක් භාර ගෙන නොමැති බවද පැවැසේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සඳහා සාකච්ඡා අවසන් කරන තුරු ඇමැති ධුරයේ රැඳී සිටින ලෙස ජනාධිපතිවරයා අලි සබ්‍රි මහතාට දැනුම් දී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග අනාවරණය කරයි. මුදල් ඇමැති ධුරයට හිටපු වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පත්කරන බව මාධ්‍ය වාර්තා කර තිබුණත් එය වැරදි පුවතක් බවද එම ආරංචි මාර්ග තහවුරු කරයි.

විදුලිබල ඇමැති ධුරයට හිටපු ඇමැති පවිත්‍රා වන්නිආරච්චිම පත්කිරීමට නියමිතය. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඒකාබද්ධ කර ඇමැති ධුරයක් නිර්මාණය කිරීමේ යෝජනාවක්ද ඉදිරිපත්ව ඇත. ඇමැති ධුර පත්කිරීම සම්බන්ධයෙන් ඊයේ (7 වැනිදා) රාත්‍රිය වනතුරුම ජනාධිපති කාර්යාලයේ සාකච්ඡා පැවැත්විණි. කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අදට (8 වැනිදා) දින හයක් ගතවෙයි. මේ වනවිට මහාමාර්ග, අධ්‍යාපන හා විදේශ කටයුතු යන විෂය ක්ෂේත්‍ර සඳහා පමණක් ඇමැතිවරුන් පත්කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?