AFC Banner
Empty Ad
Empty Ad

ආරක්ෂක ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්

රටතුල උද්ඝත වී ඇති අර්බුධකාරී තත්වය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

දිවයිනපුරා ජනතාව සහභාගී කර ගනිමින් විවිධ ප්‍රදේශයන්හි සංවිධානාත්මකව උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරමින් පවතින අතර එම උද්ඝෝෂණ ව්‍යාපාරයේ කණ්ඩායම් දෙකක් කටයුතු කරන බව ආරක්ෂ අංශ විසින් හදුනාගෙන ඇති බවයි ඔහු පවසන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වන ඔහු කියා සිටියේ එක් කණ්ඩායමක් සාමකාමී අයුරින් උද්ඝෝෂණය පවත්වාගෙන යනු ලබන අතර අනෙක් කණ්ඩායම සිතාමතාම රජයේ පොදු දේපල වලට හා විවිධ පාර්ශවයන්ගේ පෞද්ගලික දේපලවලට හානි පමුණුවමින් ජනජීවිතයට අපහසුතා ඇති වන පරිදි කටයුතු කරන බවයි.

එවැනි ආකාරයේ කඩාකප්පාල්කාරී ක්‍රියාවන්ට එරෙහිව අද සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ඔහු සිය විශේෂ ප්‍රකාශයෙන් අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?