යුක්රේනයේ අගනුවර යුධ මෙහෙයුම් අඩු කිරීමට රුසියාව තීරණය කරයි

යුක්රේනයේ කිවු අගනුවර සහ චර්නිව් නගරය අවට යුධ මෙහෙයුම් අඩු කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා.

එරට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කලේ දෙපාර්ශවය අතර සාකච්ඡා ඉදිරියටත් පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරලීමේ අරමුණ ඇතිව එම තීරණය ගත් බවයි.

රුසියාව සහ යුක්රේනය අතර ඉහළම පෙලේ සාකච්ඡා වටයක් තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී අද පැය 03 කට ආසන්න කාලයක් පැවතුණා.

නැවත වරක් මුණගැසී සාකච්ඡා කිරීමට මෙහිදී එකගතාවය පළවී ඇති අතර දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම කෙරෙහිද අවධානය යොමුවී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

සාකච්ඡා ආරම්භයේදීම තුර්කිය විසින් යෝජනා කර ඇත්තේ වහා සටන් විරාම ගිවිසුමකට එළැඹිය යුතු බවයි.

කෙසේවෙතත් ඒ සඳහා ඇති ඉඩකඩ ඉතාම අවම බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01