ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රුසියාවේ මොස්කව් වෙත ගුවන් ගමන් අත්හිටුවයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් අතර සිදුකරන ගුවන් මෙහෙයුම් අද සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ගුවන් සමාගමේ පාලනයෙන් පිටත පවතින මෙහෙයුම් සිමා කිරීම හේතුවෙන් මෙම තීරණය ගනු ලැබූ බවයි එම සමාගම නිවේදනය කර සිටින්නේ.

දැනට පවතින රුසියානු – යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාවට ඇතැම් ජාත්‍යන්තර මුල්‍ය සහ ගුවන් යානා රක්ෂණ සීමාවන් පනවා ඇති අතර ශ්‍රී ලනක්න් ගුවන් සේවය රුසියාව වෙත සිදුකරන ගුවන් මෙහෙයුම් සඳහා එම කාරණා සෘජුවම බලපානු ලබයි. ඒ අනුව, ශ්‍රී ලනක්න් ගුවන් සමාගම නැවත දැනුම් දෙන තුරු මොස්කව් වෙත ගුවන් මෙහෙයුම් සිදුනොකරනු ඇත.

නොවැලැක්විය හැකි හේතුන් මත ගුවන් සේවය ගනු ලැබූ මෙම තිරණය හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ගුවන් සමාගම සිය කනගාටුව පළකර සිටින අතර තත්ත්වය යහපත් අතට හැරීමෙන් අනතුරුව සිය නැවත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22