වයසට ගියත් තරුණ වෙන්න මෙන්න ක්‍රමය

වයස අවුරුදු 30 හෝ 35 පසු කරන විට බොහෝ කාන්තාවන්ට තමන් වයසට යනවාය යන හැඟීම තදින්ම දැනෙන්නට පටන්ග්නනා අතර එසේ සිතුණු විගස තම තරුණ පෙනුම රැකගන්නට විවිධ අලේපන, පෙති කරල් භාවිතයට කාන්තාවෝ හුරුවී සිටිනවා.

එහෙත් එවැනි දෙයින් බහුතරයක් වයසට යෑම ඉක්මන් කරවන, අතුරු ආබාධ ඇතිකරනවා මිස ඊට නිසි විසඳුමක් ලබා නොදෙන බව නම් රහසක් නොවේ. මන්ද එවැනි පෙති කරල් බහුතරයක ඇත්තේ විවිධාකාරයෙන් ශරීරයට අහිතකර රසායනිකය. එනිසා මේ තත්ත්වයට පුරාණයේ විසූ රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ බිසෝවරු භාවිත කළේ මොනවාද යන්න සොයා බැලීම වැදගත් වේ.

එකල අද මෙන් රසායනික නොතිබූ අතර ඔවුන් තම රුව රැකගැනීම උදෙසා ඉතා ස්වභාවික උපක්‍රම සහ නිෂ්පාදන භාවිත කර තිබේ. මේ, එවැනි ඖෂධයකි.

වඳුරු මෑ ඇට කළං 48ක් ගෙන එයට එළකිරි බෝතල් දෙකක් දමා කිරි සිඳෙන තුරු මඳගින්නේ තම්බාගත යුතුය. පසුව එය රැගෙන ගිතෙලින් අඹරා ගෙන, නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ ගුළි සකසා තබා සීනි අවශ්‍ය පමණ ගෙන පැණි පදමට උණුකර වීදුරු බෝතලයකට දමා එම පැණි බෝතලයකට පෙර සකස් කළ ඖෂධ ගුළි දැමිය යුතුය. එම ගුළි පැණිවල ගිලී තිබිය යුතු අතර සුළං නොවදින ලෙස වසා තබා ගැනීම අනිවාර්ය වේ.

දිනපතා උදේ සවස වරකට ගුළිය බැගින් ගැනීම සුදුසු අතර මෙමගින් සම පැහැපත් වී, දීප්තිමත් වී තරුණ පෙනුම වර්ධනය කෙරෙන බවත්, දිනෙන් දින රූමත් වන බවත් පැවසේ. ඔබට පහසු පරිදි ආයුර්වේදය දත් වෛද්‍යවරයකුගේ උදව් ලබාගෙන මෙය සකසා ගැනීම වැදගත් බව පොතපතෙහි සඳහන් වේ.

පොතපත ඇසුරිනි
ජ්‍යොතිෂවේදිනී ඩී.එස්.ඒ කුමාරි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06