දුවට නරක SMS යැව්වයි කියා අම්මයි තාත්තායි කොල්ලකු පැහැරගෙන

වේයන්ගොඩ ප‍්‍රදේශයේ 16 හැවිරිදි උපකාරක පංතියක සිසුවකු එම පන්තියේ සිසුවියකගේ දෙමාපියන් විසින් පැහැරගෙන යෑමේදී අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත ප‍්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවළක්. තරුණයා පැහැර ගැනීම සිදුකළ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

අදාළ සිසුවා සිය ජංගම දුරකථනය මගින් සිසුවියගේ ජංගම දුරකථනයට පරුෂ වචන ඇතුලත් SMS පණිවිඩ යවමින් සිසුවියට සිදුකරන ලද අඩත්තේට්ටම් හේතුවෙන් එම සිසුවියගේ දෙමාපියන් විසින් තරුණයා පැහැරගෙන ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

තරුණයා සිය ජංගම දුරකථනය විකිණීමට ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීමක් පළ කර තිබෙනු දුටු සැකකාර දෙමාපියන් එම ජංගම දුරකථනය තමන්ට මිලදී ගැනීමට අවශ්‍ය යැයි පවසා සිසුවා වේයන්ගොඩ ප‍්‍රදේශයට ගෙන්වාගෙන මෙසේ පැහැර ගැනීම සිදු කර ඇති බව පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ අත්තනගල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වේයන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
00:00
Video thumbnail
ට්‍රීට්මන්ට් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි - මූ තියෙනවා කැමරාව මට තේරුණා
01:15
Video thumbnail
දයාසිරි කුපිත වී යකා නටයි - ඩෙංගුවලින් අද රට ඉවරෙටම ඉවරයි..ඇමතිත් නෑ නියෝජ්‍ය ඇමතිත් නෑ..
02:12
Video thumbnail
චරිත් සහ විජයදාසගේ පුතා ගැන ආනන්ද විජේපාල කට අරියි - අල්ලස් ගැනීම බරපතළ ක්‍රියාවක්
04:42
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට හොඳම එකෙන් කියද්දි දිලිත්ටත් හොඳටම හිනා - වටේ යන්නේ නෑ.. වටේ යන්න වෙනවා මේවට
06:17
Video thumbnail
අජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ ගැටෙයි - ඇයි මෙච්චර පරක්කු - මොකක්ද තියෙන ප්‍රගතිය
07:30
Video thumbnail
සජිත් උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - බොරු කියන්න එපා මොනවද මේ..හොඳට කියවන්න
03:35
Video thumbnail
පොසොන් පොහොය නිමිත්තෙන් දෙන දන්සල්වලට නව නීති මාලාවක් - ෂොපින්, ප්ලාස්ටික් කෝප්ප තහනම් කරයි
05:03
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් - අම්මටහුඩු ඩෙංගු තවාන් දාලා වගේ..පැත්තටම ඇති මේක
14:24
Video thumbnail
මීට සුළු මොහොතකට පෙර සිදුවූ බිහිසුණු අනතුර මෙන්න - පෞද්ගලික බස් රථ 2ක් එකිනෙක ගැටී 12ක් රෝහලේ
00:33