AFC Banner
Empty Ad
Empty Ad

නහුතෙට නැග්ග ඩොලරයේ කළුකඩ මිල

මේ වන විට පවතින ඩොලර් අර්බුදය හමුවේ විදෙස්ගත වන්නන් සදහා මුදල් හුවමාරු කිරීම බැංකු හරහා සිදුවන්නේ ඉතා සුළු වශයෙන්ය.ඒ නිසාවෙන් බොහෝ දෙනා කොළඹ පිටකොටුව අවට කළුකඩ වෙළදුන් හරහා මුදල් හුවමාරු කරගැනීමට යොමුවී සිටිනවා.

නමුත් මේ වනවිට ඩොලරයක මිල ඉතා ඉහල මට්ටමක පවතිනවා.වානිජ බැංකු ඩොලරය සදහා රුපියල් 290ක මිලක් නියම කරන විට කළුකඩ වෙළෙදුන් රුපියල් 360 -380 අතර මුදලකට එම මිල සටහන් කරන බවයි විදෙස්ගත වන්නන් චෝදනා කරන්නේ.ඇතැමුන් රුපියල් 400ටත් මිලදීගත් බව අපට පවසා සිටියා.

නමුත් ඔවුන් වැඩි දුරටත් සදහන් කරන්නේ එම මිල ගෙවා හෝ තමන්ට මුදල් ලබා ගැනීමට සිදුවන බවයි.

අප කතා බහ කල බොහෝ ශිෂ්‍යන් තමන්ගේ මුදල් හුවමාරු කරගෙන තිබුනේ ඉතාම ඉහල අඟයකටයි.කෙසේ නමුත් සමහර ශිෂ්‍යන් සදහන් කර සිටියේ ” කීයක් වුනත් දීලා ඉක්මනට මෙහෙන් යන්න ඕනේ ” කියායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?