එන්නත නොගත් අයට වැඩ වරදි…

කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කෙරෙන පොදු ස්ථාන සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අප්‍රේල් මස 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පොදු ස්ථාන සඳහා එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම පිළිබඳව අතිවිශේෂ ගැසට් නිවේදනයක් පසුගියදා නිකුත් කළේය.

ඒ අනුව අදාළ ස්ථාන සම්බන්ධයෙන් නිසි බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉදිරියේදී දැනුම් දීමට නියමිත බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

ඊට අදාළ සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින අතර කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කෙරෙන ස්ථාන සම්බන්ධයෙන් කොවිඩ් මර්දනය සඳහා වන තාක්ෂණික කමිටුව විසින් සළකා බලමින් සිටින බව සඳහන් ය.

පොදු ස්ථාන වෙත ප්‍රවේශ වීමේදී පූර්ණ එන්නත්කරණයට ලක්වූ බව සඳහන් එන්නත් කාඩ්පත ඉදිරිපත් කිරීම ඉදිරියේදී අනිවාර්ය වන බැවින් මෙතෙක් බූස්ටර් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින් කඩිනමින් එය ලබා ගැනීම සඳහා යොමුවන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දැනුම්දෙයි.

මේ වන විටත් මෙරට ඉලක්කගත ජනගහනයෙන් මාත්‍රා තුනම ලබා ගනිමින් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇත්තේ 78 ලක්ෂයක පමණ පිරිසක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
00:00
Video thumbnail
ටිල්වින් දැන් මැතිවරණ කොමසාරිස් වෙලා - කවද්ද දිවුරුම් දුන්නද දන්නේ නෑ
02:24
Video thumbnail
රනිල් දැන් රිටයර් වෙලා ඉන්නේ - ආයේ එනවද..?
04:24
Video thumbnail
ජාඇල උණුසුම් තත්ත්වයක් - අපේ වන්දි මුදල් මෙවුන් හොරා කාලා, හෙරියකුත් ඉන්නවා..අපි කන්නෙත් මහපාරේ
03:36
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:52
Video thumbnail
යෝෂිතගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට
00:53
Video thumbnail
පැතිර යන මොළේ උණ රෝගය ගැන විශේෂ හෙළිදරව්වක් - මේ වෙනකොට රෝගීන් 200ක් වාර්තාවෙලා
08:54
Video thumbnail
අම්මව බලන්න තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
02:25
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය
01:02
Video thumbnail
අලුතෙන් ගෙනාපු ගල් අඟුරුත් බාලයි - චානකගෙන් හෙළිදරව්වක්
09:54