ගෙවත්තේ නිදන් හෑරූ තිදෙනෙකු පොලිස් දැලේ…

හොරොව්පොතාන මොරවැව ප්‍රදේශයේ ගෙවත්තක නිධානයක් හාරමින් සිටි බවට සැකපිට පුද්ගලයන් තුන්දෙනෙකු (26) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.

අත්අඩංගුවට ගනු ලැබූවන් අතර නිධානය හෑරූ බව කියන ගෙවත්තේ හිමිකරු සහ ඔහුගේ පුතා සිටින බවත් අනෙක් සැකකරු ඔවුන්ගේ අසල්වැසියෙකු බවත් පවසන පොලිසිය සැකකරුවන් මොරවැව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවද වැඩිදුරටත් කියයි.

(26) සවස එකට පමණ පොලිසිය විසින් මෙම වැටලීම සිදුකොට තිබේ.

ප්‍රධාන සැකකරුගේ නිවසේ සිට මීටර් පණහක් පමණ පිටුපසට වන්නට පිහිටි උස්බිමක මෙම නිධානය හාරා ඇති බව පවසන පොලිසිය තමන් එම ස්ථානයට යන විටත් සැකකරුවන් පොළොව කැණීම් කරමින් සිටි බවද කියයි.

කිසිවෙකුට සැක නොසිතන පරිදි ඊට පෙර දින සැකකරුවන් විසින් කුඩා ප්‍රමාණයේ බැකෝ යන්ත්‍රයක් ගෙන්වා නිවස පිටුපස පොල් වළවල් කිහිපයක් කපා එම බැකෝ යන්ත්‍රයෙන්ම නිධානය හෑරූ බව කියන ස්ථානයේ ගල් කිහිපයක් පෙරළා ගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වූ බව පොලිස් නිලධාරීන් පැවසූහ.

සැකකරුවන් අඩි නවයක් පමණ යටට පොළොව හාරා තිබු බව වැටලීමට එක්වූ නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.

ඒ අනුව සැකකරුවන් සන්තකයේ තිබූ විදුලියෙන් ක්‍රියාත්මක වන වතුර මෝටරයක්, යකඩ ඉනි පහක්, වයර් රෝලයක්,පිකස් එකක්,උදළු එකක්, යකඩ මිටි දෙකක් , ඇතුළු භාණ්ඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(27) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දායානන්ද මහතාගේ අධීක්ෂණය යටතේ තව දුරටත් පරික්ෂණ මෙහෙයවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46