ලබන වසරේදී දරුවෙකු ගේ සුරතල් බලන්න නම්…

දරුඵල රහිත ඇතැම් අඹුසැමියෝ විවිධ ඖෂධ වර්ග, යාග හෝම, ශාන්තිකර්ම ආදියට අනුගතවී ඇතත් ඔවුන්ට දරු සම්පත නොසිටින තත්ත්වයක්ද උද්ගතව තිබේ. පෙර කරන ලද අකුසල කර්මයක් යැයි සිතා ක්‍රියා කිරීමෙන්ද ඵලක් නොලැබේ.

පැරැණි කාලයේ දරුඵල ලබාගැනීම සඳහා විවිධ ශන්තිකර්ම කළ බැව් ප්‍රකට කරුණකි. මේ වන විටත් ඔබට දරු සම්පත් අහිමිව ඇත්නම් අපේ දේශීය පාරම්පරික වත් පිළිවෙත් කිරීම ඉතා සුවදායක වන අතර දරු සම්පත ලබාගැනීමේ වාසනාව පෑදෙනු ඇත. උත්සාහ කරන්න.

අලුයම් කාලයේ 7 වරක් පෙරාගන්නා ලද පැන් බඳුනකට සුදුහඳුන් ගලගා එම ආලේපනය ජලයට මිශ්‍ර කර ‘සබ්බ පාපස්ස අකරණං’ ගාථාවෙන් 21 වරක් ජප සිද්ධ කර දරුවෙක් ලැබේවායි අධිෂ්ඨාන කර පැන් බඳුන පානය කරන්න.

අනුහස් ඇති බෝධීන්වහන්සේට බෝධි පූජාවක් තබා දරුවකු ලබාදෙන ලෙස බාරයක් වෙන්න.
සිකුරාදා දිනෙක රාත්‍රී 12.42 සිට 12.57 දක්වා අතර කාලය තුළ විෂ්ණු දේව රූපයක් ඉදිරියේ නිල් මල් තබා පැන් බඳුනක්ද තබා පැරැණි තඹ කාසියක්, නිල් රෙදි කැබැල්ලක කෙම් බාරයක් ගැටගසන්න.

මෙම මන්ත්‍රය කියන්න

ඕං ශ්‍රී මහා විෂ්ණු නාරායන සත පත්‍ර
නේත්‍රධාරී ශ්‍රීමත් ශ්‍රී කුමාරි අම්මා
හාමිනා මාදෙස බලා වෛකුණ්ඨ නාරායනේ
ජය ජය සිද්ධි සිද්ධි එහි ඒස්වා හා

මෙම මන්ත්‍රය 21 වරක් කියා පඬුර ගැටගසන්න. දරුවකු ලැබී දින 21ක් ගතවීමට පෙර විෂ්ණු දේවාලයකට කුඩා ප්‍රමාණයේ පිත්තල පහනක් බාරයට ඔප්පු කරන්න. මෙය (අත්දුටු බලසම්පන්න බාරයකි)

ඊශ්වර දේවාලයකදී කැති, උත්‍රපල්, උත්‍රසල නැකැතකින් ඉරිදා දිනෙක පූජාවක් තබා අඹුසැමි දෙදෙනාම දරුඵල අපේක්ෂාසහගතව අධිෂ්ඨාන කරන්න.

පත්තිනි මෑණියන්ට විධිමත් පූජාවක් තබා දරු සම්පත් අපේක්ෂාවෙන් බාරයක් වෙන්න.

දුර්ගා දෙවඟනට පූජාවක් තබා දරුවකු ලබාදෙන ලෙස අයැද සිටින්න.

කතරගම දේවාලයටත් වල්ලි අම්මා දේවාලයටත් පූජාවක් තබා පඬුරු ගැටගසා දරු සම්පත් අයැද සිටින්න.

ගර්භණී මාතාවකට ඇය කැමැති ආහාරපාන දානය දී තමාටත් එවැනි දරුවකු පිළිසඳ ගන්නා ලෙස ඇයගේ ආශීර්වාදය ලබාගන්න.

පසළොස්වක පොහෝ දින චන්ද්‍රයාගේ කිරණාලෝක ආකර්ෂණය ලබාගැනීම් වස් විනාඩි 3ක් අධිෂ්ඨාන කර තමාට දරුවකු ලැබෙන ලෙස සිතුවිලි තරංග අවකාශයට මුදාහරින්න. (චන්ද්‍ර නමස්කාරය)

ඉරිදා දිනෙක හිරු පායා එන මොහොතේ හිරු දෙස මිනිත්තු 7ක් බලා සිට තමාට දරුඵල ලැබෙන සේ අධිෂ්ඨාන කරන්න. (සූර්ය නමස්කාරය)

දාරක සම්පත් හිමිවන සෙත්කවි

විෂ්ණ දෙවියන්ගේ සහ කතරගම දෙවියන්ගේ නම් යොදාගෙන තමාගේ නමද මුල්කොට සෙත්කවි දෙකක් සාදවාගෙන සහ විෂ්ණු හා කතරගම දේවාලයන්හි පූජා තබා මෙම සෙත්කවි දෙක සෙනසුරාදා හෝ බදාදා දිනෙක රාත්‍රී සුබ වේලාවක කියවන්න. දරුඵල හිමිවනු ඇත.

ශ්‍රී මහා බෝධීන්වහන්සේට අරක්ගත් කළු දේවතාවුන් වහන්සේට බාරයක් ගැටගසා දරු සම්පතක් ලැබෙන ලෙසට ඉල්ලන්න.

මේ සියලු කටයුතු කළ යුත්තේ ඉතා පවිත්‍රව පිරිසිදු චේතනාවකින් යුතුවයි.
විශේෂයෙන්ම කිලි ඇති දිනවලදී පඬුරු හා දේව පූජා ආදිය කිරීමෙන් වැළකිය යුතුය.
අඹුසැමි යුවලම මෙම උතුම් ශාන්තිකර්ම වත්පිළිවෙත්වලට සහභාගි වීම වඩාත් ඵලදායී වේ.

දේශබන්දු ටී.හෙන්රි බෙම්මුල්ල



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32