ආණ්ඩුවේ වත්මන් ගමන් මාර්ගය වළක්වාලීමට තමන්ට සම්පූර්ණ අයිතියක් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ “මුළු රටම හරි මඟට ” ජාතික වැඩපිළිවෙල මහා සංඝරත්නයට පිළිගැන්වීමේ වැඩසටහනට අද (26) එක්වෙමින්.
“ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනාව වුණෙත් පවුල් පාලනය අවසන් කරලා රට හරි පැත්තට ගන්න කියලා. කොහොමත් ඉතින් අපි මේ රටේ පවුල් පාලනයක් නම් ආයේ ඇතිවෙන්න ඉඩ තියන්නේ නෑ. ලැබුණු ජනවරමෙන් පිට පනිනවා නම් ඒ ජනවරම නිර්මාණය කරන්න මූලිකත්වය ගත්තු අපිට ශුද්ධ වූ අයිතියක් තියෙනවා ඒ ගමන වළක්වන්න. මේ අපි කරන්නේ ඒක. ඒ අයට තවත් අවස්ථාවක් නෑ.”














yako menna Gevindu unnaheth sudu andagenama kayiwaaruwanta ekathu welaa ! ohoma thamayi sinhalayo hamadaama. eka geyi kaala kaapu pathey reela yanawa