යුක්රේන යුද්ධයේ පළමු අදියර අවසන් බව රුසියාව දැනුම් දෙයි

යුක්රේන යුද්ධයේ පළමු අදියර අවසන් වී ඇති අතර, නැගෙනහිර ඩොන්බාස් කලාපය මුළුමනින්ම නිදහස් කරගැනීම පිළිබඳව දැන් අවධානය යොමු කරන බව රුසියාව පවසනවා.

ඩොන්බාස් පිහිටා ඇත්තේ යුක්රේනයෙන් වෙන්වූ රුසියානු හිතවාදී කලාප දෙක අතරතුරයි.

කෙසේ නමුත් බටහිර විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රකාශයෙන් යුක්රේනයේ රුසියානු යුද ක්‍රමෝපාය අසාර්ථක වී ඇතැයි තහවුරු වන බවයි.

කීව් අගනුවර තදාසන්නයේ රැඳී සිටි රුසියානු හමුදා යම් පසුබෑමකට ලක්ව ඇති බවද යුක්රේනය ප්‍රකාශ කළා.

කෙසේ නමුත් ඔවුන් නගර මධ්‍යය වෙත ගොඩබිම් ප්‍රහාරයක් කඩිනමින් ආරම්භ කිරීමට සූදානමක් නොමැති බවයි ඇමරිකානු ඔත්තු සේවා සඳහන් කළේ.

මේ අතර දකුණුදිග මරියුපොල් නුවර ජනයා රැකවරණ ලැබූ රඟහලකට පසුගිය සතියේ එල්ලවූ මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයන් 300 දෙනෙකු පමණ මියගොස් ඇතැයි සැළකෙන බව නගර බලධාරීන් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01