AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාව වෙරළ කලාපයේ ආරක්ෂාව දැඩි කරයි

ශ්‍රී ලංකා සරණාගතයන් විශාල වශයෙන් ඉන්දියාවේ තමිල්නාඩුව වෙත පැමිණීම වැළැක්වීම සඳහා තමිල්නාඩු පොලිසිය ඉන්දීය වෙරළා ආරක්ෂකයන් සමග එකතු වී තමිල්නාඩු වෙරළේ ආරක්ෂාව තර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඉදිරියේදී ඇති විය හැකි සරණාගත අර්බුදය පිළිබඳ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ ස්ටාලින් ඉන්දියානු මධ්‍යම රජයට ද දැනුම් දී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

මේ හේතුවෙන් තමිල්නාඩු මුහුදේ සැකකටයුතු යමක් දුටුවහොත් වහාම දැනුම් දෙන ලෙසද තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ධීවරයින් දැනුවත් කර ඇති බවද මාධ්‍ය වාර්තා සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිල ඉහළ යෑම සහ ජිවන වියදම අධික වීම දරා ගත නොහැකි බවට පවසමින්

ඉන්දියාවට පැමිණි පළමු කණ්ඩායමේ ශ්‍රී ලාංකික සරණාගතයින් 6 දෙනා ගෙන් වැඩිහිටියන් 3 දෙනෙකු ඊයේරාමේෂ්වරන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතරුව චෙන්නායි හි පුසාල් මධ්‍යම සිරගෙදර දවස් 15 කට රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කර තිබෙනවා. එහිදී මාස 4 බිළිඳා ඔහුගේ මව සමඟ ද අවුරුදු 6 ක දරුවා ඔහුගේ මව සමගද සිටීමට අධිකරණය අවසර දී ඇත.

සෙසු පිරිස මන්ඩපම් සරණාගත කඳවුරේ රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ කටයුතු සිදුකිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?