ව්‍යාජ තොරතුරු දී රාජ්‍ය බැංකුවකින් මිලියන 68ක ණය අරන්

ව්‍යාජ ලේඛන සකස් කර, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් පුද්ගයින් 47 දෙනෙකු 2017 වර්ෂයේදී රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන් රුපියල් මිලියන 68ක ණය ලබා ගෙන ඇති සිද්ධියක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධානයට ලක් වි තිබෙනවා.

මෙහිදී ණය කරුවන් ලෙස හඳුනාගත් පුද්ගලයින්ට නඩු පවරා ඇති බවත් ඒ සම්බන්ධයෙන් තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ක්‍රියාත්මක වන බවත් පැමිණ සිටි නිලධාරීහු පැවසුවේ.

විශේෂයෙන් මීට අදාළ කාර්ය මණ්ඩල සේවකයින් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ක්‍රියාත්ම කොට ඇති බවත් පරීක්ෂණ අවසන් වී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වන විටත් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් එම බැංකු නිලධාරින් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එසේම මීට සම්බන්ධ බාහිර පුද්ගලයන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් එක් අයෙක් මියගොස් ඇති බවත් පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ.

විශේෂයෙන්ම නව සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පත්වීමෙන් පසු මෙම ණය ලබාගැනීම සම්බන්ධව ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම සිදු කොට ඇති බව මෙහිදී සඳහන් කෙරුණා. ඒ අනුව නියමාකාරව මෙම කටයුතු කරගෙන යන ලෙස කෝප් කමිටු සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ වලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී.

එසේම මෙම වර්ෂ වලදී නිවාස ණය වැඩි වශයෙන් ලබාදීම පිළිබඳව ද අවධානයට ලක් වූ අතර පැමිණ සිටි කාරක සභා සාමාජික මන්ත්‍රිවරු සඳහන් කළේ කර්මාන්ත වෙනුවෙන් සහ කෘෂිකර්මය වෙනුවෙන් ලබා දෙන ණය ප්‍රමාණය වැඩි කළ යුතු බවයි. විශේෂයෙන් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ අවශ්‍යතාවයද එය විය යුතු බව ද ඔවුහු පෙන්වා දුන්නා. මේ පිළිබඳ අවධානය යොමුකොට කුඩා ව්‍යාපාර සම්බන්ධයෙන් මේ වන විටත් ණය ලබා දෙන බව මෙහිදී පැමිණ සිටි නිලධාරීන් ප්‍රකාශ කර සිටියා.

වර්තමානයේ මෙම බැංකුවේ පවතින පුරප්පාඩු සංඛ්‍යා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර විධායක ශ්‍රේණියේ පුරප්පාඩු කිහිපයක් පිරවීමට මේ වන විටත් කටයුතු කොට ඇති බවත් ඇතැම් විධායක ශ්‍රේණියේ පුරප්පාඩු සඳහා සුදුසු පුද්ගලයින් අයදුම් නොකරන බවත්, ඇතැම් පුද්ගලයින් පත්වීම් ලැබී ටික කලකින් ඉවත්ව යන බවත් මෙහිදී නිලධාරීන් සඳහන් කර සිටියා.

එම තනතුරු සඳහා වැටුප් ප්‍රමාණවත් නොවේ නම් අවශ්‍ය සංශෝධන සිදුකර එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන ලෙස මෙහිදී කෝප් කමිටුවේ සභාපතිවරයා උපදෙස් ලබාදුන්නා.

එසේම රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව වසර 30 පමණ සිට කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක පැවතීම පිළිබඳව සහ ස්වයංක්‍රීය බැංකු පද්ධතියක් පිහිටුවීමේ ක්‍රියාකාරකම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16