AFC Banner
Empty Ad
Empty Ad

මෙරට බැංකු පද්ධතිය ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

මෙරට බැංකු පද්ධතිය ස්ථාවර බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කර සිටිනවා.

“මහජනතාවට සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන්ට, බැංකු පද්ධතිය ස්ථාවර බවට මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම් දීමට කැමැත්තෙමි. වෙනත් ආකාරයකින් කරන ලද ප්‍රකාශයන්ට පටහැනිව රාජ්‍ය බැංකුවල කටයුතු සුමටව සිදු කරන බවට සහතික කිරීමට බලාපොරොත්තු වේ.” යනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති ට්විටර් පණිවිඩයේ සඳහන් වනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම නිවේදනය නිකුත් කිරීමට ප්‍රධාන හේතුව වී තිබුනේ සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් පාර්ලිමේන්තුවේ දී සිදුකරනු ලැබූ ප්‍රකාශයක් හේතුවෙන් බවයි පෙනී යන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?