දුම්රිය ගාස්තු හොර රහසේ වැඩි කරලා

නගරාන්තර, දුරගමන් සේවා සහ විශේෂ සීඝ්‍රගාමී දුම්රියවල ප්‍රවේශපත් ගාස්තු කිසිඳු දැනුවත් කිරීමකින් තොරව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ප්‍රකාශ කර සිටිනවා.

ඇතැම් දුම්රියවල ගාස්තු සියයට 60 කින් සහ ඇතැම් ගාස්තු සියයට 50 කින් ඉහළ දමා ඇති බවත් මෙම ගාස්තු ඉහළ දැමීමට වෘත්තීය සමිතියක් ලෙස විරුද්ධ බව ද සඳහන් කර සිටියේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සම්ප්‍රදායට අනුව ගාස්තු වැඩිකිරීම මාසයේ මුල් දිනයේ කළ ද ඉතිහාසයේ පළමු වරට වර්තමාන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ක්‍රමවේදයකින් තොරව ගාස්තු ඉහළ දමා ඇති බවත් ඒ පිළිබඳව ප්‍රවේශපත් නිකුත් කරන දුම්රිය ස්ථානධිපතිවරු දැනුවත් නොකර, වේශපත් වෙන්කිරීම් කරන දුම්රිය ස්ථානවලට පමණක් අද අළුයම 1.00ට දැනුම්දීමක් කර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

රටේ පවතින තත්වය මත මේ මොහොතේ වැඩවර්ජනයකට යෑම සුදුසු නොවන බවත්, සාමාන්‍ය ප්‍රවේශපත් සහ වාර ප්‍රවේශපත් ගාස්තු ද වැඩි කිරීමේ අවදානමක් පවතින බවයි කියා සිටියේ.

සාමාන්‍ය මගියාට පෙරවරු 10.00 ට ප්‍රවේශපත් වෙන්කිරීමට අන්තර්ජාලය විවෘත වුවද ඇතැම් නිලධාරීන්ගේ උවමනාව මත අළුයම 5.00 ට ප්‍රවේශපත් නිකුත් වන බවත් ඒ අනුව වෙන්කරන ආසන සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නයක් මතුව ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16