AFC Banner
Empty Ad
Empty Ad

තව දුරටත් රුපියලේ අගය සමතලා කරගෙන ඩොලරය ඉහල යන හැඩක්….

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් බාල්දු වෙමින් ඇති බව මුදල් වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

බලපත්‍රලාභී වානිජ බැංකු විසින් අද (23) දින ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතයන් ට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 300ට ආසන්න වී ඇති බව ඇතැම් බැංකු සඳහන් කරයි.

පහත දැක්වෙන්නේ මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව අද (23) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දැක්වුණු ආකාරයයි

ලංකා බැංකුව – රු. 285.00

මහජන බැංකුව – රු. 289.99

කොමර්ෂල් බැංකුව – රු. 285.00

සම්පත් බැංකුව – රු. 290.00

සෙලාන් බැංකුව – රු. 290.00

හැටන් නැෂනල් බැංකුව – රු. 285.00

නේෂන් ට්‍රස්ට් බැංකුව – රු. 285.00

ඩී එෆ් සී සී – රු. 287.00

එන් ඩී බී – රු. 292.00

අමානා බැංකුව – රු. 299.00

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?