AFC Banner
Empty Ad
Empty Ad

රටේ වත්මන් තත්ත්වය ගැන මුදල් ඇමතිට කතා කරන්න කියන්න – හිටපු අගමැති කියයි

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් මාසිකව පාර්ලිමේන්තුව ඇමතීමේ වගකීම භාර ගත යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද රැස්වූ සර්ව පාක්ශික සමුළුව අමතමින් ප්‍රකාශ කර සිටියා.

ජනාධිපතිවරයා සහ ඔහුගේ රජය පාර්ලිමේන්තුව යළි පාර්ලිමේන්තුව විශ්වාසයට ගත යුතු අතර එසේ නොවුණහොත් ඔවුන්ට පාර්ලිමේන්තුවේ විශ්වාසය අහිමි වනු ඇති බවයි හිටපු අගමැතිවරයා කියා සිටියේ.

IMF සමග සාකච්ජා සඳහා අවම වශයෙන් මාස 06ක් ගතවනු ඇති බවත් ඉන්දීයානු ක්‍රෙඩිට් ලයින්ස් (මුල්‍ය පහසුකම්) වෙතින් ලැබෙන සහන ප්‍රතිලාභ මැයි මස මුල් සති දෙකෙන් ඔබ්බට නොයනු ඇති බවත්, එබැවින් IMF සහ ස්වෛරී බැඳුම්කර හිමියන් සමග ගිවිසුමකට එළඹෙන තෙක් ඉතිරි මාස 04ක කාලය සඳහා අරමුදල් සොයා ගැනිමට රජය කටයුතු කළ යුතු බවයි හිටපු අගමැතිවරයා පෙන්වා දුන්නේ.

2022.03.23 Sinhala 1
2022.03.23 Sinhala 2
2022.03.23 Sinhala 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?