AFC Banner
Empty Ad
Empty Ad

තෙල් පෝලිම අවසන් වන දිනය ගැන ඉඟියක්

තවත් දින දෙකකින් හෝ තුනකින් ඉන්ධන පෝළිම් අවසන් වනු ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසනවා.

ඒ පිලිබඳ කළ විමසීමකදී ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පැවසුවේ තවත් මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වන විට ඇණවුම් කර ඇති බවයි. මේ වන විටත් පෙට්‍රල් සහ ඩීසල් නෞකා 03 ක් මෙරට මුහුදු සීමාවේ ඇති බවත් නෞකා දෙකකින් පෙට්‍රල් සහ ඩීසල් ගොඩබාමින් ඇති බවද ඔහු පැවසුවා.

ඒ අනුව ඉදිරි දිනවලදී ප්‍රමාණවත් තොග ඉන්ධන පිරවුම්හල්වලට බෙදා හැරීමටයි නියමිතව ඇත්තේ. පෙර දිනවලට සාපේක්ෂව ඉන්ධන පෝළිම් අඩුවී ඇති බව සිදුකළ නිරීක්ෂණයකදී තහවුරු වූ බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ සඳහන් කර සිටිනවා. අද දිනයේ වැඩි අවධානයක් ලබාදී ඇත්තේ වැඩි වශයෙන් ඩීසල් බෙදාදීමට බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවට බලධාරීන් ප්‍රකාශ කළද ඊයේ රාත්‍රියේත් ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පෝළිම් දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?