තෙල් පෝලිම අවසන් වන දිනය ගැන ඉඟියක්

තවත් දින දෙකකින් හෝ තුනකින් ඉන්ධන පෝළිම් අවසන් වනු ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසනවා.

ඒ පිලිබඳ කළ විමසීමකදී ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පැවසුවේ තවත් මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වන විට ඇණවුම් කර ඇති බවයි. මේ වන විටත් පෙට්‍රල් සහ ඩීසල් නෞකා 03 ක් මෙරට මුහුදු සීමාවේ ඇති බවත් නෞකා දෙකකින් පෙට්‍රල් සහ ඩීසල් ගොඩබාමින් ඇති බවද ඔහු පැවසුවා.

ඒ අනුව ඉදිරි දිනවලදී ප්‍රමාණවත් තොග ඉන්ධන පිරවුම්හල්වලට බෙදා හැරීමටයි නියමිතව ඇත්තේ. පෙර දිනවලට සාපේක්ෂව ඉන්ධන පෝළිම් අඩුවී ඇති බව සිදුකළ නිරීක්ෂණයකදී තහවුරු වූ බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ සඳහන් කර සිටිනවා. අද දිනයේ වැඩි අවධානයක් ලබාදී ඇත්තේ වැඩි වශයෙන් ඩීසල් බෙදාදීමට බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවට බලධාරීන් ප්‍රකාශ කළද ඊයේ රාත්‍රියේත් ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පෝළිම් දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38