AFC Banner
Empty Ad
Empty Ad

පෝලිම්වල මියයන මිනිස් ජිවිත සඳහා රජය වන්දි දිය යුතුයි

ඉන්ධන පෝලිම්වල සිටියදී ජීවිත හානි වන සියලු පුද්ගලයින් සඳහා රජය විසින් වන්දි ලබාදිය යුතු බව ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

උන්වහන්සේ පවසන්නේ පෝලිම්වල සිටියදී තුවාල ලබා රෝහල්ගත වන පුද්ගලයින්ට ද ප්‍රමාණවක් වන්දි මුදලක් ලබාදීමට රජය කටයුතු කළ යුතු බවයි.

රත්නපුර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුකදී ඕමල්පේ සෝභිත හිමි මේ බව කියා සිටියා.

“පෝලිම්වල මියයන මිනිසුන්ගේ සංඛ්‍යාව එන්න එන්නම වැඩිවෙයි. මොකද මේ අර්බුදයට විසඳුමක් පේන තෙක්මානයක නැති නිසා, පෝලිම්වල මියයන අය පමණක් නෙමෙයි රණ්ඩු දබර නිසා රෝහල් ගතවන අය, අංගවිකල තත්ත්වයේ අයත් ඉදිරියටත් බිහිවෙයි. දැනටත් බිහිවෙලා ඉන්නවා. රජය මඟින් නිර්මාණය කළ මේ අර්බුදය රජයේ වගකීමෙන් බැහැරවීමට පුළුවන් කමක් නැහැ. ඒ නිසා පෝලීම්වලින් විපතට පත්වන සියල්ලන්ටම රජය වන්දි ගෙවිය යුතුයි. ප්‍රමාණවත් වන්දියක් ගෙවිය යුතුමයි. මේ විපතට පත්වන අයට හුදු ශෝක ප්‍රකාශයක් පළකිරීම පමණක් වැදගත් වෙන්නේ නැහැ. පෝලිම් ඇතුළුකොට ඇති මේ අරගලයේදී ජීවිත හානිවන මේ සියල්ලටම රජය වන්දි ගෙවිය යුතුයි. එපමණක් නොවේ රෝහල් ගතවන තුවාල ලබන අංග හානියට පත්වන ප්‍රමාණවත් වන්දියක් රජය මඟින් ගෙවිය යුතුයි ලබා දියයුතුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?