පෝලිම්වල මියයන මිනිස් ජිවිත සඳහා රජය වන්දි දිය යුතුයි

ඉන්ධන පෝලිම්වල සිටියදී ජීවිත හානි වන සියලු පුද්ගලයින් සඳහා රජය විසින් වන්දි ලබාදිය යුතු බව ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

උන්වහන්සේ පවසන්නේ පෝලිම්වල සිටියදී තුවාල ලබා රෝහල්ගත වන පුද්ගලයින්ට ද ප්‍රමාණවක් වන්දි මුදලක් ලබාදීමට රජය කටයුතු කළ යුතු බවයි.

රත්නපුර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුකදී ඕමල්පේ සෝභිත හිමි මේ බව කියා සිටියා.

“පෝලිම්වල මියයන මිනිසුන්ගේ සංඛ්‍යාව එන්න එන්නම වැඩිවෙයි. මොකද මේ අර්බුදයට විසඳුමක් පේන තෙක්මානයක නැති නිසා, පෝලිම්වල මියයන අය පමණක් නෙමෙයි රණ්ඩු දබර නිසා රෝහල් ගතවන අය, අංගවිකල තත්ත්වයේ අයත් ඉදිරියටත් බිහිවෙයි. දැනටත් බිහිවෙලා ඉන්නවා. රජය මඟින් නිර්මාණය කළ මේ අර්බුදය රජයේ වගකීමෙන් බැහැරවීමට පුළුවන් කමක් නැහැ. ඒ නිසා පෝලීම්වලින් විපතට පත්වන සියල්ලන්ටම රජය වන්දි ගෙවිය යුතුයි. ප්‍රමාණවත් වන්දියක් ගෙවිය යුතුමයි. මේ විපතට පත්වන අයට හුදු ශෝක ප්‍රකාශයක් පළකිරීම පමණක් වැදගත් වෙන්නේ නැහැ. පෝලිම් ඇතුළුකොට ඇති මේ අරගලයේදී ජීවිත හානිවන මේ සියල්ලටම රජය වන්දි ගෙවිය යුතුයි. එපමණක් නොවේ රෝහල් ගතවන තුවාල ලබන අංග හානියට පත්වන ප්‍රමාණවත් වන්දියක් රජය මඟින් ගෙවිය යුතුයි ලබා දියයුතුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි
00:37
Video thumbnail
දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද සාර්ථකව අරඹයි
01:02
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:09