පේරු රටින් අඩක් වැසෙයි

කොරෝනා වෛරස ව්‍යාප්තිය උග්‍රවීම හමුවේ අගනුවර ඇතුළු ප්‍රාන්ත 10ක් වසා දැමීමට පේරු බලධාරීන් තීරණය කර තිබේ.

ජනාධිපති ෆ්‍රැන්සිස්කෝ සාගස්ති නිවේදනය‌ කර ඇත්තේ, මෙම Lockdown කිරීම ලබන පෙබරවාරි 14 දක්වා බලපැවැත්වෙනු ඇති බවයි.

ජනතාවට නිවසේ සිට රාජකාරී කරන ලෙස උපදෙස් දී ඇති අතර සියලු ම අත්‍යාවශ්‍ය නොවන සාප්පු, ගුවන් ගමන් අත්හිටුවීමට ද තීරණය කර තිබේ.

නව වෛරස් ප්‍රභේදය රටට ඇතුළුවීම වැළැක්වීම සඳහා යුරෝපයේ සහ බ්‍රසීලයේ සිට එන ගුවන් ගමන් අත්හිටුවීමට ගෙන තිබූ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ද තීරණය වී තිබේ.

ඊයේ දිනයේ පේරු රාජ්‍යයෙන් නව ආසාදිතයින් 4,444 දෙනෙකු වාර්තාවී ඇති අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,107,239ක් ක්වා ඉහළ ගියේ ය.

වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 40,107කි.

ජනාධිපතිවරයා පවසා ඇත්තේ කොරෝනා වෛරසයෙන් මිදීමට ඇති එකම මග එන්නත්කරණය බැවින් එන්නත්කරණ වැඩසටහන ලබන පෙරවාරියේ ආරම්භ කළ හැකි බවයි.

ඇණුවුම් කළ Sinopharm එන්නත් මාත්‍රා මිලියන 38න් මාත්‍රා මිලියනයක් ඉදිරියේදී පේරු රාජ්‍යයට ලැබීමට නියමිතව ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04