Empty Ad
Empty Ad
AFC Banner

දාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් වන සංහාරයක්..

මුස්ලිම් පවුල් පදිංචි කරවලා.. ඥානසාර හිමි රක්ෂිතයට පනී..

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ලාහුගල දාරම්පනාව රක්ෂිතය සංවිධානාත්මක ලෙස එලි කරමින් පවතිනන බවත් මෙමගින් හෙක්ටයාර ගණනාවක් මේ වන විට විනාශ කර කුඹුරු බවට පත්කර ඇති බවත් බොදු බල සේනා සංවිධානය සඳහන් කරයි.

සංවිධානාත්මක ලෙස මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් දිළිඳු පුද්ගලයින් යොදාගෙන රක්ෂිතය එලි කරවා ඔවුන්ට මුදල් දී එම ස්ථානයෙන් ඉවත් කර බලපත්‍ර සාදමින් තම අයිතිය පවසන බව එම සංවිධානය වැඩිදුරටත් පවසයි.

මේ සඳහා රජයේ කාර්යාලවල සේවයේ නියුතු රාජ්‍ය සේවකයින්ගේ සහයෝගයද ලබා ගන්නා බවද එම සංවිධානය කියයි.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

නගර සභාවේ හෝ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය යටතේ මං මාවත් සකස්කර හොර ඔප්පු සාදා මහා රක්ෂිතය මැද හෙක්ටයාර ගණනාවක් කුඹුරු කර ඇති බවත් පුරාවස්තුවලින් ගැවසුණු විශාල භූමියක සියලුම පුරාවස්තු විනාශ කර ඇති බවත් එම අවස්ථාවේදී ඥානසාර හිමියෝ සඳහන් කලහ.

මෙම සිදුවීම්වලට විරුද්ධව වන සංරක්ෂණ හෝ වනජීවී දෙපාර්තමේන්තු මේ දක්වා ගෙන ඇති ක්‍රියා මාර්ග කුමක්දැයි ප්‍රශ්න කර සිටි උන්වහන්සේ අනවසරයෙන් අදාළ ප්‍රදේශයේත් නොවන පුද්ගලයින් පැමිණ සිදුකරන වනාන්තර විනාශය වැලක්වීමට වහා පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියහ.

– media unit

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍යයේ - විදුලි බිල ගෙවන්න බැරිව ලොකු අර්බුදයක්
06:44
Video thumbnail
පපුව ඉස්සරහට දාලා ඡන්දේ දාන්න ගිය අය - සතොසට යන්නේ දැන් කැස්බෑවෝ වගේ
06:00
Video thumbnail
හාල් ඇටේ මෝදිගෙද - ඩඩ්ලිගෙද - නිපුණගෙද කියලා ඉඹලද -සූප්පු කරලද බලන්නේ
11:12
Video thumbnail
ජනාධිපතිටත් ඇට නැති දිවක් තියෙන්නේ
06:05
Video thumbnail
අපේ අරමුණුවලට අපි නිවැරදිව යන්නේ කොහොමද?
09:36
Video thumbnail
යාපනයේ පැතිර ගිය උණ ගැන ඇත්තම විස්තරේ මෙන්න
06:03
Video thumbnail
ජනපති කිව්ව වගේම නොබෝ දිනකින් - විදුලි බිල 1/3ක් අඩුවෙයි ?
11:28
Video thumbnail
Breaking News🛑ඔක්ටේන් 92ක පෙට්‍රල් රටේ නැතිවෙයි ද? මෙන්න ඇත්ත විස්තරේ #breakingnews
09:09
Video thumbnail
ආණ්ඩුව අවා විතරයි පොලුත් නෑ - පොල් තෙලුත් නෑ - යකෝ - රටට වෙච්ච දෙයක්
03:57
Video thumbnail
කංචන විජේසේකරට වැඩ වරදී ? - ඛනිජ තෙල් සංස්ථාව කෙළිමඩුවක් කරගෙන හිටියේ
04:34

?