දාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් වන සංහාරයක්..

මුස්ලිම් පවුල් පදිංචි කරවලා.. ඥානසාර හිමි රක්ෂිතයට පනී..

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ලාහුගල දාරම්පනාව රක්ෂිතය සංවිධානාත්මක ලෙස එලි කරමින් පවතිනන බවත් මෙමගින් හෙක්ටයාර ගණනාවක් මේ වන විට විනාශ කර කුඹුරු බවට පත්කර ඇති බවත් බොදු බල සේනා සංවිධානය සඳහන් කරයි.

සංවිධානාත්මක ලෙස මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් දිළිඳු පුද්ගලයින් යොදාගෙන රක්ෂිතය එලි කරවා ඔවුන්ට මුදල් දී එම ස්ථානයෙන් ඉවත් කර බලපත්‍ර සාදමින් තම අයිතිය පවසන බව එම සංවිධානය වැඩිදුරටත් පවසයි.

මේ සඳහා රජයේ කාර්යාලවල සේවයේ නියුතු රාජ්‍ය සේවකයින්ගේ සහයෝගයද ලබා ගන්නා බවද එම සංවිධානය කියයි.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

නගර සභාවේ හෝ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය යටතේ මං මාවත් සකස්කර හොර ඔප්පු සාදා මහා රක්ෂිතය මැද හෙක්ටයාර ගණනාවක් කුඹුරු කර ඇති බවත් පුරාවස්තුවලින් ගැවසුණු විශාල භූමියක සියලුම පුරාවස්තු විනාශ කර ඇති බවත් එම අවස්ථාවේදී ඥානසාර හිමියෝ සඳහන් කලහ.

මෙම සිදුවීම්වලට විරුද්ධව වන සංරක්ෂණ හෝ වනජීවී දෙපාර්තමේන්තු මේ දක්වා ගෙන ඇති ක්‍රියා මාර්ග කුමක්දැයි ප්‍රශ්න කර සිටි උන්වහන්සේ අනවසරයෙන් අදාළ ප්‍රදේශයේත් නොවන පුද්ගලයින් පැමිණ සිදුකරන වනාන්තර විනාශය වැලක්වීමට වහා පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියහ.

– media unit

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40