අර්බුදය අවසන් වන දිනය මුදල් ඇමති කියයි

ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුදය ලබන සතිය වන විට විසඳෙනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඊයේ (21)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇති බවා වාර්තා වනවා.

ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් කෝටි 50ක ණය මුදලක් ලැබී ඇතැයි සඳහන් කර ඇති ඇමතිවරයා එම මුදලින් ඉන්ධන මිල දී ගැනීමේ කටයුතු දැනටමත් ආරම්භ කැර ඇති බවයි කැබිනට් මණ්ඩලය හමුවේ දැනුම් දී ඇත්තේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ ,ඖෂධ සහ කර්මාන්ත සදහා අවශ්‍ය අමු ද්‍රව්‍ය ආනයනයට ඇමරිකානු ඩොලර් කෝටි 150 ක ණය මුදලක් ලැබී ඇතැයි පවසා ඇති ඇමතිවරයා එම භාණ්ඩ ආනයනය ට ද මේ විට කටයුතු කරමින් පවතින බව සඳහන් කර ඇත.

මේ අතර ගෑස් ආනයනය සඳහා ඩොලර් ලබාදීමට මහ බැංකුව එකඟතාව පළකර ඇති බවත්, ඒ අනුව ගෑස් ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කිරීමේ කටයුතු අදම ආරම්භ කරන බවද ඇමතිවරයා සඳහන් කර ඇත .

ඉන්ධන සහ ගෑස් ආනයනයත් සමඟ, දැනට රටේ පවතින ගෑස්, ඉන්ධන සහ විදුලි අර්බුදය ලබන සතිය වන විට විසඳෙනු ඇති බවද ඇමැතිවරයා පෙන්වා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?