අර්බුදය අවසන් වන දිනය මුදල් ඇමති කියයි

ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුදය ලබන සතිය වන විට විසඳෙනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඊයේ (21)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇති බවා වාර්තා වනවා.

ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් කෝටි 50ක ණය මුදලක් ලැබී ඇතැයි සඳහන් කර ඇති ඇමතිවරයා එම මුදලින් ඉන්ධන මිල දී ගැනීමේ කටයුතු දැනටමත් ආරම්භ කැර ඇති බවයි කැබිනට් මණ්ඩලය හමුවේ දැනුම් දී ඇත්තේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ ,ඖෂධ සහ කර්මාන්ත සදහා අවශ්‍ය අමු ද්‍රව්‍ය ආනයනයට ඇමරිකානු ඩොලර් කෝටි 150 ක ණය මුදලක් ලැබී ඇතැයි පවසා ඇති ඇමතිවරයා එම භාණ්ඩ ආනයනය ට ද මේ විට කටයුතු කරමින් පවතින බව සඳහන් කර ඇත.

මේ අතර ගෑස් ආනයනය සඳහා ඩොලර් ලබාදීමට මහ බැංකුව එකඟතාව පළකර ඇති බවත්, ඒ අනුව ගෑස් ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කිරීමේ කටයුතු අදම ආරම්භ කරන බවද ඇමතිවරයා සඳහන් කර ඇත .

ඉන්ධන සහ ගෑස් ආනයනයත් සමඟ, දැනට රටේ පවතින ගෑස්, ඉන්ධන සහ විදුලි අර්බුදය ලබන සතිය වන විට විසඳෙනු ඇති බවද ඇමැතිවරයා පෙන්වා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.24
00:00
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල, කථානායක ඇතුළු ප්‍රබලයෝ එකට හමුවූ තැන
01:34
Video thumbnail
විදුලි සැර වැ# කාන්තාවක් එළොව යයි
01:08
Video thumbnail
චමින්ද - නාමල් උදෙන්ම පාර්ලිමේන්තුවේ පැටලෙයි..හොරකම ගැන පැහැදෙනකොට ඇමතිට දුක ඇති
09:37
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:35
Video thumbnail
විපක්ෂ නායක කාර්යාලයට යන්න හිතුවේ නෑ..හැබැයි යන්න වුණා - නාමල් සැරටම කිව්ව කතාව
07:47
Video thumbnail
බයක් නැතුව පන්න පන්න වෙ# තියපු හැටි
01:07
Video thumbnail
දෙමටගොඩ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - බයක් නැතුව පන්න පන්න වෙ# තියපු හැටි
01:37
Video thumbnail
විදුලි සැර වැ# කාන්තාවක් එළොව යයි - බුත්තලින් ඇසුණු හද කම්පා කරන පුවත
01:32
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල, කථානායක එකට හමුවූ තැන - දෙන්නා හිනාවෙවී බර කතාවක්
16:45