හෙට (22) දිනයේත් පැය 5ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කර සිටිනවා.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා වු කලාප 12 සඳහා පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැය 3යි මිනිත්තු 20ක කාලයක් සහ පස්වරු 6 සිට රාත්‍රි 11 දක්වා පැයයි මිනිත්තු 40 කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.
ඊට අමතරව P,Q,R,S,T,U,V,W දක්වා වු කලාප 8 සඳහා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පැය 2යි මිනිත්තු 40ක් සහ පස්වරු 5 සිට රාත්‍රි 9 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට සැලසුම් කර ඇත.
ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදුකළ ඉල්ලීමට අනුව අදාළ විදුලි කප්පාදුව සඳහා අවසර ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.




