AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවෙන් අපිට ඩිජිටල් හැදුනුම්පතකට ආධාර

ඉන්දියානු ආධාර යටතේ මෙරට තුළ ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් හඳුන්වා දීමට අදාළ ගිවිසුම අද දිනයේ කැබිනට් අනුමැතිය සඳහා යොමු කරන බව තාක්ෂණ අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය තුළදී එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතව ඇති බවයි.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ඩිජිටල් අනන්‍යතා වැඩසටහන සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 8 ක ආධාරයක් ලබා දීමට ඉන්දියානු රජය එකගතාවය පළ කර ඇතැයි ලේකම්වරයා සඳහන් කලා.

අදාළ ගිවිසුම අත්සන් කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවුණා.

මෙරට පුද්ගලයින්ගේ ජෛවමිතික දත්ත මත පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීම මෙහි අරමුණයි.

මේ වසරේ නොවැම්බර් මාසයේ සිට මෙරට පුරවැසියන්ට ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි ද තාක්ෂණික අමාත්‍යාංශ ලේකම් ජයන්ත ද සිල්වා මහතා කියාසිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?