ඉන්දියාවෙන් අපිට ඩිජිටල් හැදුනුම්පතකට ආධාර

ඉන්දියානු ආධාර යටතේ මෙරට තුළ ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් හඳුන්වා දීමට අදාළ ගිවිසුම අද දිනයේ කැබිනට් අනුමැතිය සඳහා යොමු කරන බව තාක්ෂණ අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය තුළදී එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතව ඇති බවයි.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ඩිජිටල් අනන්‍යතා වැඩසටහන සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 8 ක ආධාරයක් ලබා දීමට ඉන්දියානු රජය එකගතාවය පළ කර ඇතැයි ලේකම්වරයා සඳහන් කලා.

අදාළ ගිවිසුම අත්සන් කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවුණා.

මෙරට පුද්ගලයින්ගේ ජෛවමිතික දත්ත මත පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීම මෙහි අරමුණයි.

මේ වසරේ නොවැම්බර් මාසයේ සිට මෙරට පුරවැසියන්ට ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි ද තාක්ෂණික අමාත්‍යාංශ ලේකම් ජයන්ත ද සිල්වා මහතා කියාසිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33