AFC Banner
Empty Ad
Empty Ad

කඩදාසි නොමැතිකමින් අසරණ වූ දරුවන්ට ඉන්දියාවෙන් සුබ පුවතක්

ඉන්දීය ණය ආධාර යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය සදහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය හිගයකින් තොරව ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ පිළිබද ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත දැනුම් දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

ඒ අනුව, පෙළ පොත් මුද්‍රණ ඇතුළු සියළු කටයුතු සදහා මෙලෙස ලිපි ද්‍රව්‍ය ලබා දීමට නියමිතයි.

පවතින කඩදාසි හිගය හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල්වල 9,10,11 ශ්‍රේණිවල වාර විභාග කල් දැමීමටයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉකුත්දා තීරණය කළේ.

ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි හා අනෙකුත් අමු ද්‍රව්‍ය හිග වීම ඊට හේතුවයි. කෙසේවෙතත් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් අද ප්‍රකාශ කළේ එම ශ්‍රේණිවල වාර විභාග ප්‍රමාදයකින් තොරව ලබන 29වනදා සිට පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඇති බවයි.

සබරගමුව පළාතේ ද ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි නොමැති වීම හේතුවෙන් ගැටළුවක් මතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සදහන් කළේ.

කෙසේවෙතත් 6,7,8 ශ්‍රේණිවලට අදාළ වාර විභාග හෙට සිට පැවැත් වෙන බවයි මේ වන විට අධ්‍යාපන දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?