කඩදාසි නොමැතිකමින් අසරණ වූ දරුවන්ට ඉන්දියාවෙන් සුබ පුවතක්

ඉන්දීය ණය ආධාර යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය සදහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය හිගයකින් තොරව ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ පිළිබද ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත දැනුම් දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

ඒ අනුව, පෙළ පොත් මුද්‍රණ ඇතුළු සියළු කටයුතු සදහා මෙලෙස ලිපි ද්‍රව්‍ය ලබා දීමට නියමිතයි.

පවතින කඩදාසි හිගය හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල්වල 9,10,11 ශ්‍රේණිවල වාර විභාග කල් දැමීමටයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉකුත්දා තීරණය කළේ.

ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි හා අනෙකුත් අමු ද්‍රව්‍ය හිග වීම ඊට හේතුවයි. කෙසේවෙතත් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් අද ප්‍රකාශ කළේ එම ශ්‍රේණිවල වාර විභාග ප්‍රමාදයකින් තොරව ලබන 29වනදා සිට පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඇති බවයි.

සබරගමුව පළාතේ ද ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි නොමැති වීම හේතුවෙන් ගැටළුවක් මතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සදහන් කළේ.

කෙසේවෙතත් 6,7,8 ශ්‍රේණිවලට අදාළ වාර විභාග හෙට සිට පැවැත් වෙන බවයි මේ වන විට අධ්‍යාපන දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය
01:20
Video thumbnail
අපි අල්ලස් දෙන්නේ නෑ - ජනමත විචාරණයක් අවශ්‍ය නෑ
07:37
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය - "අපිව රවට්ටන්න එපා - ඇති තරම් රැවැට්ටුවා"
06:26
Video thumbnail
මහානායක ස්වාමීන් වහන්සේලාට අපි නිවැරදි තොරතුරු ලබාදුන්නා
02:47
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන සභාපති හමුවෙයි
01:06
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:46
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම - වැදලා කිව්ව දේ "අපිට ලොකු අභිමානයක්"
02:31
Video thumbnail
අජිත් පී පෙරේරා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
07:16