AFC Banner
Empty Ad
Empty Ad

දිගු සති අන්තයේ බස්නාහිරින් පිටවන අය ඇන්ටිජන් පරික්‍ෂාවට

එළඹෙන දිගු සති අන්තයේදී බස්නාහිර පළාතෙන් පිටවන සියලුම පුද්ගලයින්ට රැපිඩ් ඇන්ටිජන් පරික්‍ෂාව සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.    ඒ අනුව අද(27) සහ හෙට(28) බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11කදී මෙම ප්‍රතිදේහ පරීක්‍ෂණ කටයුතු සිදු කරනු ඇත.    මීට අමතරව අහඹු ලෙස ද ඇතැම් ස්ථානයන් හිදී හා බස්රථවලදී රැපිඩ් ඇන්ටිජන් පරික්‍ෂාවන් සිදු කරන බවත් මෙය හුදෙක් ජනතාව අපහසුතාවට පත් කිරීමේ අරමුණින් සිදු කරන්නක් නොවන බවත් අජිත් රෝහණ මහතා පැවසීය.    කොවිඩ් වෛරසට අනෙකුත් පළාත්වලට පැතිරීම අවම කිරීම සහ බස්නාහිර පළාතේ ජනතාව ගමන් කිරීම සීමා කිරීම සඳහා මෙම පියවර ගනිමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.    පසුගිය සති කිහිපය තුළ බස්නාහිර පළාතෙන් දිනකට කෝවිඩ් ආසාදිත පුද්ගලයින් 500 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබුණි.    මේ අතර, සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ ශ්‍රී ලංකාවේ කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අනවශ්‍ය සංචරණ සීමා කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?