දිගු සති අන්තයේ බස්නාහිරින් පිටවන අය ඇන්ටිජන් පරික්‍ෂාවට

එළඹෙන දිගු සති අන්තයේදී බස්නාහිර පළාතෙන් පිටවන සියලුම පුද්ගලයින්ට රැපිඩ් ඇන්ටිජන් පරික්‍ෂාව සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.    ඒ අනුව අද(27) සහ හෙට(28) බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11කදී මෙම ප්‍රතිදේහ පරීක්‍ෂණ කටයුතු සිදු කරනු ඇත.    මීට අමතරව අහඹු ලෙස ද ඇතැම් ස්ථානයන් හිදී හා බස්රථවලදී රැපිඩ් ඇන්ටිජන් පරික්‍ෂාවන් සිදු කරන බවත් මෙය හුදෙක් ජනතාව අපහසුතාවට පත් කිරීමේ අරමුණින් සිදු කරන්නක් නොවන බවත් අජිත් රෝහණ මහතා පැවසීය.    කොවිඩ් වෛරසට අනෙකුත් පළාත්වලට පැතිරීම අවම කිරීම සහ බස්නාහිර පළාතේ ජනතාව ගමන් කිරීම සීමා කිරීම සඳහා මෙම පියවර ගනිමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.    පසුගිය සති කිහිපය තුළ බස්නාහිර පළාතෙන් දිනකට කෝවිඩ් ආසාදිත පුද්ගලයින් 500 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබුණි.    මේ අතර, සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ ශ්‍රී ලංකාවේ කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අනවශ්‍ය සංචරණ සීමා කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40