ඉන්ධන සහ ගෑස් ගැන සංචාරක ඇමතිගෙන් ඉල්ලීමක්

ඉන්ධන සහ ගෑස් ලබා දීමේදී සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට ප්‍රමුඛතාව ලබා දෙන්නැයි සංචාරක අමාත්‍යවරයා විෂයභාර අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ පිළිබඳව ඉන්ධන සහ ගෑස් අලෙවි මධ්‍යස්ථාන දැනුවත් කරන ලෙස ද ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරට ත් ඉල්ලා සිට ඇති බව සංචාරක අමාත්‍යංශය සඳහන් කර සිටින්නේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ, සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක සේවා සපයන ආයතන සහ පුද්ගලයින් වෙත ඉන්ධන සහ ගෑස් ලබාදීමේ ප්‍රමුඛතාව ලබාදීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ගෑස් සමාගම් හරහා අවස්ථාව සලසා දෙන ලෙසට ප්‍රසන්න රණතුංග විසින් ඉල්ලීමක් කර ඇති බවයි.

මෙම වසර තුළදී සංචාරකයින් 235,000කට ආසන්න පිරිසක් මේ දක්වා රටට පැමිණ ඇති බැවින් සංචාරකයින් 50,000කට ආසන්න පිරිසක් රට තුළ සිටිනු ඇතැයි අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40