ඉන්දියාවෙන් ලංකාවට ඩිසල් තොගයක්

ඉන්දිය ණය ආධාර යටතේ ගුවන් යානා ඉන්ධන රැගත් නෞකාවක් ඊයේ මෙරටට ළඟාවී තිබෙනවා. ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් එළඹෙන ඉරිදා පස්වරුවේ දිවයිනට ළඟාවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර ඩීසල් මෙට්‍ර්ටික් ටොන් 20,000 ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්ටික් ටොන් 20,000 ක් රැගත් තවත් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණ තිබෙනවා.

කෙසේවෙතත් එම නෞකාවේ ඉන්ධන තොග නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ගෙවීම් මෙතෙක් සිදුකර නැහැ. ඒ අනුව දැනට තමන් සතුව පවතින ඩීසල් තොගය සාමාන්‍ය පරිභෝජන තත්ත්වයක් යටතේ ලබන සඳුදා පස්වරුව තෙක් ප්‍රමාණවත් බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?