පැන්ෂන් ගිය රාලහාමිගේ ගණිකා නිවාසයට පොලිසියෙන් පනියි

නීතියේ රැහැනට හසු නොවන පරිදි ඉතා සූක්ෂම අයුරින් විශ‍්‍රාමික පොලිස් නිලධාරියකු විසින් තඹුත්තේගම පොලිස් වසමේ පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 5දෙනකු සමග එය පවත්වා ගෙන ගිය විශ‍්‍රාමික පොලිස් නිලධාරියා පෙරේදා පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර, ශ‍්‍රාවස්තිපුර, රාජාංගණය, ගල්ගමුව සහ නොච්චියාගම යන ප‍්‍රදේශවල සිට පැමිණ ගණිකා වෘත්තියේ නිරත වූ වයස අවුරුදු 25ත් 45ත් අතර වියේ පසුවන කාන්තාවන් පස්දෙනකු සහ වයස අවුරුදු 52ක්වන ගණිකා නිවාසය පවත්වා ගෙන ගිය ප‍්‍රධාන සැකකරු බව පොලිසිය සඳහන් කර සිටියේ.

උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. කිත්සිරි ජයලත් මහතාට ලැබුණු තොරතුරකට අනුව තඹුත්තේගම, තලාව ප‍්‍රධාන මාර්ගයේ, ඒරියාගම ප‍්‍රදේශයේ වසර දහයක පමණ කාලයක සිට පවත්වා ගෙන ගිය කාමර හයකින් සමන්විත ලැගුම් හලක් පරීක්ෂාවට ලක් කිරීමේ දී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පැවසුවේ.

මෙහි කාන්තාවන් දෙදෙනකු පොලිසියට හසු නොවන පරිදි තම නීත්‍යානුකූල සැමියන් දෙදෙනා සමග ගණිකා සේවයට පැමිණෙන බවත්, සැමියන් නොමැති කාන්තාවන් තිදෙනා වෙනත් පිරිමින් තිදෙනකු සමග මෙම වෘත්තියේ නිරත වීමට පැමිණ හැඳුනුම්පත් ලබා දී කාමරවලට වී සිටින බවත්, මෙම කාන්තාවන් මිල දී ගැනීමට ගැනුම්කරුවකු පැමිණිවිට එම කාන්තාවන් රැගෙන ආ නීත්‍යානුකූල සැමියන් සහ අනියම් පුරුෂයන් එම ස්ථානයෙන් ඉවත්ව සිටින බවත් පොලිසිය සඳහන් කළේ.

එම ලැගුම් හලේ පොත්වල සටහන් කර තිබෙන ආකාරයට නීත්‍යානුකූල සැමියා සමග මෙම කාන්තාවන් කාමරවල ලැගුම් ගෙන සිටීම හේතුවෙන් ඉතා සූක්ෂම ලෙස පොලිස් උපාය දුතයකු යොදා කාන්තාවක මිලට ගැනීමෙන් අනතුරුව ප‍්‍රධාන සැකකරු සහ ගණිකා වෘත්තීයේ නිරත වූ කාන්තාවන් පස්දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසුවේ.

කාන්තාවන් මිලදී ගැනීම සඳහා පැමිණෙන ගැනුම්කරුවන්ට ප‍්‍රධාන සැකකරු විසින් කාන්තාවන් පස්දෙනා ම පෙන්වනු ලබන බවත් වයස 25 – 30 සීමාවල කාන්තාවන් රුපියල් 6000ක මුදලකටත් 30ට වැඩි කාන්තාවන් 4000ක මුදලකටත් අලෙවි කරන බවත් එක් වාරයක දී රුපියල් 2000ක මුදලක් මෙම ජාවාරම කරගෙන යනු ලබන ප‍්‍රධාන සැකකාර විශ‍්‍රාමික පොලිස් නිලධාරියා ලබා ගන්නා බවත් සිදු කළ ප‍්‍රශ්නවල දී අනාවරණය වූ බව පොලිසිය කියයි.

කාලයක සිට කරගෙන ආ මෙම ජාවාරමෙන් ගණිකා නිවාසය පවත්වාගෙන ගිය ප‍්‍රධාන සැකකරුවන විශ‍්‍රාමික පොලිස් නිලධාරියා එක් දිනකට පනස් දහසකට වැඩි මුදලක් උපයාගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් පස්දෙනා සහ එය පවත්වාගෙන ගිය ප‍්‍රධාන සැකකරු ඊයේ (16) තඹුත්තේගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
08:05:07
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට හොඳම එකෙන් පාඩම් කියලා දෙයි - තොරතුරු වසන් කරපු අය ආණ්ඩුවේ Best Friends
09:18
Video thumbnail
භෞතික චිකිත්සකවරිය ඝා#නයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරයි - දරුවත් අරගෙන බස් එකට නගින හැටි
01:16
Video thumbnail
සරත් ෆොන්සේකාගේ නිල නිවසේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් විවෘත කළා - වටගල ගැම්මට කිව්ව කතාව
03:59
Video thumbnail
ලබන 30 සිට ග්‍රාම සේවා නිලධාරීන් දිවයින පුරා ලෙඩ නිවාඩු වාර්තා කරනවා - රජය එක්ක අපිට කිසිම තරහක් නෑ
05:48
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි - පාර මැද මුන් යනවා
02:49
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි..ජනපතිට සැර සත්තමක් - ජනපතිතුමා මේ මොන නීතියක්ද ?
05:34
Video thumbnail
ඊයේ එක ගලයි ගැ#හුවේ කුරුල්ලෝ සෙට් එකක්ම බිම - නාමල් හදිස්සි වෙන්න එපා නම කතා කරනකල් ඉන්න
04:59
Video thumbnail
සජිත් වෙනුවෙන් පෙරට ආ අජිත්ට යකා නගියි - මන්ත්‍රීතුමිය සජිත්ගේ නංගි ගැන කිව්වේ සම්පූර්ණයෙන් බොරුවක්
07:17
Video thumbnail
මේ බලන්න පණුවෝ දඟලනවා - "ඊයේ වැස්සට වෙන්න ඇති..රෑත් සුද්ද කළා අපි"..සිංහපුර ඩෙංගු පරීක්ෂාව
05:24