හිඟ ජල බිල්පත් ගැන තීරණයක් ගනියි

හිඟ ජල බිල්පත් ඇති සියලූ පාරිභෝගිකයන්ගේ ජල සැපයුම විසන්ධි කිරීමට ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත. දිවයිනම ආවරණය වන ලෙස මේ දිනවල එවැනි ජල සැපයුම් විසන්ධි කිරීමට පියවර ගෙන තිබෙන බවයි එහි සහකාර අධ්‍යක්ෂ (අය කිරීම්) ඒකනායක වීරසිංහ ප්‍රකාශ කර සිටියේ.

පසුගිය දෙසැම්බර් මාසය දක්වා හිග ජල බිල්පත් රුපියල් මිලියන 7200ක් අයවීමට තිබූ අතර ඉන් මිලියන 1200ක් පමණ පාරිභෝගිකයන් විසින් ගෙවා තිබෙන බවයි ඔහු සඳහන් කළේ.

ජල බිල්පත් හිඟ පාරිභෝගිකයින් සඳහා රතු නිවේදන සහ අවසන් නිවේදන නිකුත් කර තිබෙන බව ද, අවසන් නිවේදන නොතකා හිඟ බිල්පත් ගෙවීමට පියවර නොගන්නා සියලූම ජල පාරිභෝගිකයන්ගේ ජල සැපයුම විසන්ධි කිරීම මේ දිනවල සිදු කරගෙන යන බව ද සහකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ.

ජල බිල්පත් ගෙවීමට ගැටලූ ඇත්නම් තමන්ට ආසන්න ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ කාර්යාලයට ගොස් ගෙවීම් අංශයේ නිලධාරීන් හමුවී හිග ගෙවීම් සදහා පහසු වැඩපිළිවෙළක් සාකච්ජා කර ගෙවීමට පියවර ගත හැකි බවද ඔහු සඳහන් කර සිටියේ.

ජල සැපයුම විසන්ධි කිරීමෙන් අනතුරුව යළි සැපයුම ලබා ගැනීමට ගෘහස්ථ පාරිභෝගිකයින් රුපියල් 1080ක්ද, රාජ්‍ය/පෞද්ගලික ආයතන/ පූජනීය ස්ථාන /වාණිජ ආයතනවලට රුපියල් 3240ක් ද ගෙවීමට සිදුවන බැවින් ජල සැපයුම විසන්ධි කිරීම වළක්වා ගැනීමට හිඟ මුදල් ගෙවීමට පියවර ගන්නා ලෙස මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40