ගුවන් තොටුපොළේ උණුසුම් තත්ත්වයක් : ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට පුද්ගලයෙකු විරෝධය පායි

ඉන්දීය සමග පැවති ටෙස්ට් තරග සංචාරය 2-0ක් ලෙස නිමකළ ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා.

එම අවස්ථාවේදී ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයට පැමිණි පුද්ගලයෙකු විසින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය ලැබීම සම්බන්ධයෙන් අවලාද නගා තිබෙනවා.

එම පුද්ගලයා විසින් වේග පන්දු ක්‍රීඩක සුරංග ලක්මාල්ට පවසා ඇත්තේ නිකරුණේ මුදල් වියදම් කොට ක්‍රිකට් තරග ක්‍රීඩා කරන්නට යන බවයි. එහිදී එම පුද්ගලයා සහ සුරංග ලක්මාල් අතර උණුසුම් කතා බහක් ඇතිවී තිබෙනවා.

සිද්ධියෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්,

“එක පුද්ගලයෙක් ප්‍රශ්නයක් ඇහුවා. ඒ පුද්ගලයා මගේ මුහුණට කිව්වා. මම ප්‍රශ්නයට උත්තර දුන්නා. මම හිතන්නේ ඕවා සාමාන්‍ය දේවල්. තරගය පරදිනකොට එක විදිහක්. දිනන කොට එක විදිහක්. ක්‍රීඩකයෝ විදිහට අපි ඒක තේරුම් ගන්න ඕනේ. එක එක පුද්ගලයෝ එක එක විදිහයි. අප්‍රසාදය පළ කරනවා. ප්‍රසාදය පළ කරනවා. ඒ හැම දෙයක්ම ක්‍රිඩකයෝ විදිහට විඳගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ පුද්ගලයාට මම ඒ දේ තේරුම් කළා. එතනින් එහාට කිසිම තරහක් නැහැ. මම හිතන්නේ හැමෝම බලාපොරොත්තුවන්නේ තරගාවලි දිනන්න. ජය පරාජ දෙකම අපිට විඳගන්න පුළුවන් වෙන්න ඕනේ. ප්‍රේක්ෂකයන්ගෙන් මම එකම දෙයයි ඉල්ලන්නේ. මින් අනතුරුව රටට ක්‍රිඩා කරන්නේ නැහැ. හොඳ ප්‍රේක්ෂකයෝ පිරිසක් අපිට ඉන්නවා. මම හිතන්නේ ඒ අය ක්‍රිඩකයින්ට උදව් කරයි කියලා මම විශ්වාස කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට මේවා කඩේ යනවා වගේ කරන්න බෑනේ..සජබ ආරාධනාව ගැන ඇහුව එකට තලතාට යකා නගියි?
06:04
Video thumbnail
හු## කියන්න එපා සර් - ඔයාට අයිතියක් නෑනේ
03:19
Video thumbnail
ගම් ඇතුළේ SJB, UNP කට්ටිය චූන්වෙලා ඉන්නේ..ආණ්ඩුව බය ඒකනේ..
05:30
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29