AFC Banner
Empty Ad
Empty Ad

තෙල්වල හිඟ මුදල් පියවන්න විදුලිබල මණ්ඩලය සැරසේ

විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් කෝටි 8,670 ක පමණ මුදල මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවෙන් ණයට තෙල් ලබාගැනීම වෙනුවෙන් මෙම හිඟ මුදල ගෙවීමට නියමිතව තිබුණා. මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබන බැවින් එම මුදල මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද ඉකුත්දා ලබා දී තිබුණා.

විදුලිබල මණ්ඩලය මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අතර ,විදුලි පාරිභෝගිකයන්ගෙන් පමණක් අයවිය යුතු මුදල රුපියල් කෝටි 4,400 ඉක්මවා ගොස් ඇත. මේ අතර මණ්ඩලය රාජ්‍ය බංකු දෙක සඳහා ගෙවිය යුතු මුදල රුපියල් කෝටි 8,900 ඉක්මවා ඇත.

මණ්ඩලය ඉකුත් වසරේ ලබා ඇති අලාභය රුපියල් කෝටි 8,200 ක් පමණ වන බව විදුලිබල මණ්ඩලයේ වාර්තා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?