තෙල්වල හිඟ මුදල් පියවන්න විදුලිබල මණ්ඩලය සැරසේ

විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් කෝටි 8,670 ක පමණ මුදල මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවෙන් ණයට තෙල් ලබාගැනීම වෙනුවෙන් මෙම හිඟ මුදල ගෙවීමට නියමිතව තිබුණා. මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබන බැවින් එම මුදල මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද ඉකුත්දා ලබා දී තිබුණා.

විදුලිබල මණ්ඩලය මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අතර ,විදුලි පාරිභෝගිකයන්ගෙන් පමණක් අයවිය යුතු මුදල රුපියල් කෝටි 4,400 ඉක්මවා ගොස් ඇත. මේ අතර මණ්ඩලය රාජ්‍ය බංකු දෙක සඳහා ගෙවිය යුතු මුදල රුපියල් කෝටි 8,900 ඉක්මවා ඇත.

මණ්ඩලය ඉකුත් වසරේ ලබා ඇති අලාභය රුපියල් කෝටි 8,200 ක් පමණ වන බව විදුලිබල මණ්ඩලයේ වාර්තා පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58