55 වසරකට පසු ප්‍රධාන ආරාධිතයෙක් නැති ඉන්දීය ජනරජ උළෙල

ඉන්දියාවේ 72 වන ජනරජ දිනය අදට යෙදී තිබේ.

කොරෝනා වසංගත ව්‍යාප්තිය මධ්‍යයේ මෙවර ජනරජ දිනය සංවිධානය කර ඇති බැවින් එහි සැමරුම් කටයුතු සෙසු වසරවලට සාපේක්ෂව වෙනස් මුහුණුවරක් ගනු ඇති.

මෙවර රිපබ්ලිකන් දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනා ලැබූ එංගලන්ත අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් ඊට සහභාගී නොවේ.

එංගලන්තයේ කොරෝනා ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් උත්සන්න වීම ඊට හේතුවයි.

ඉන්දීය ජනරජ දින උළෙල ප්‍රධාන ආරාධිත අමුත්තකුගෙන් තොරව පැවැත්වෙන්නේ වසර 55 කට පසු ප්‍රථම වරටයි.

ජනරජ දින උළෙල සැමරුම් සීමා කර ඇති අතර පෙළ පාලිය ද පෙර වසරවලට සාපේක්ෂව කෙටි කර තිබේ.

ජනරජ දින පෙළපාළියට සහභාගී වන ආරක්ෂක බලඇණි සංඛ්‍යාව 96 ක් දක්වා සීමා කර ඇති අතර සෑම සාමාජිකයකුම මුව ආවරණයක් පළඳිනු ඇති .

මෙවර ජනරජ දින උළෙල සැමරෙන්නේ , නව ගොවි පනත්වලට දැඩි විරෝධය පළ කරමින් ඉන්දීය ගොවීන් 25000 ක් පමණ දිල්ලි නගර සීමාව ආශ්‍රිතව විරෝධතාවල නිරතවන පසුබිමකදීයි.

මේ හමුවේ දිල්ලි නගර සීමාවේ ආරක්ෂාවට ආරක්ෂක භටයින් 30000 ක් පමණ යොදවා ඇතැයි වාර්තා වේ.

1950 වසරේ ඉන්දීය ව්‍යවස්ථාව බලාත්මක වීමෙන් ඇරඹුණු ජනරජ දින උලෙල එරට ප්‍රධාන ජාතික උත්සවයකි.

වසර 200 ක කාලයක් බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ඉන්දියාව 1947 වසරේ අගෝස්තු 15 වනදා නිදහස ලබාගත් නමුත් එරටට ස්ථාවර ව්‍යවස්ථාවක් නොපැවතිණ.

ආචාර්ය බී. ඩී. අම්බේඩ්කාර්ගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ කමිටුවක් කෙටුම්පත් කළ ඉන්දීය ව්‍යවස්ථාව 1950 වසරේ ජනවාරි මස 26 වන දින ඉන්දීය ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව මගින් බලාත්මක කිරීමත් සමග වාර්ෂිකව එදින ජනරජ දින උළෙල සැමරීම ආරම්භ විය.

එකිනෙකා අතර පවතින සියලු වෙනස්කම් අමතක කර දමා සෑම ප්‍රජාවක්ම එකම රටක පුරවැසියන් සේ ඉන්දීය ජනරජ දින සමරුමට එක්වීම විශේෂත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?