එළවළු විකුණ ගන්න බැරුව ගොවීන් අමාරුවේ

ආර්ථික මධ්‍යස්ථානවලට දෛනිකව පිට පළාත්වලින් පැමිණෙන ලොරි සංඛ්‍යාව විශාල ලෙස අඩුවීම හේතුවෙන් සිය එළවළු තොග විකුණාගත නොහැකිව ගොවීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව වාර්තා වනවා.

ඉන්ධන සපයා ගැනීමේ අපහසුතාව නිසා පිට පළාත් වලින් ලොරි ආර්ථික මධ්‍යස්ථාන වලට නොපැමිණෙන බව එම මධ්‍යස්ථානවල නිලධාරීන් පවසන්නේ.

මේ හේතුවෙන් බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි කිලෝවක තොග මිල රුපියල් 100 ක් දක්වා ද කැරට් කිලෝවක තොග මිල රුපියල් 80 ක් දක්වා ද පහත වැටී තිබෙනවා.

එමෙන්ම ගෑස් අර්බුදය හේතුවෙන් හෝටල් වසා දැමීම නිසා ද එළවළු තොග විශාල වශයෙන් අඩුවී ඇතැයි මැනිං වෙළෙඳපොළ වෙළෙඳ හිමියන්ගේ සංගමයේ උප සභාපති නිමල් අත්තනායක පැවසුවේ.

මේ නිසා එළවළු මිල ගණන්ද විශාල ලෙස අඩුවී ඇති බවත් එළවළු තොග සවස් කාලයේ දී විකුණා ගැනීමට නොහැකිව ඉවත දැමීමට සිදුවී ඇති බවත් ඔහු පැවසුවේ.

එමෙන්ම, ඩීසල් මිල ඉහළ යෑම හමුවේ ලොරි හිමියන් අසීමිත ලෙස කුලී ගාස්තු ඉහළ දැමීමෙන් ද එළවළු වෙළෙඳුන් අසීරුතාවට පත්ව ඇත.

වැලිමඩ සිට කොළඹ මැනිං වෙළෙඳපොළට එළවළු කිලෝවක් සඳහා මීට පෙරදී රුපියල් පහක ප්‍රවාහන ගාස්තුවක් අය කරනු ලැබූ අතර ඉන්ධන මිල ගණන් ඉහළ යෑමෙන් පසුව එම ගාස්තුව රුපියල් නවයක් දක්වා ඉහළ දමා ඇතැයි ද කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40