AFC Banner
Empty Ad
Empty Ad

කොන්දොස්තරවරුන්ගේ රැකියාවට තිත ?

ඉදිරියේදී කොන්දොස්තරවරුන් නොමැතිව බස්රථ ධාවනයට අවශ්‍ය පනත් සංශෝධන සිදුකරමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම බස්රථ සඳහාගමන් කාඩ්පත හඳුන්වාදීම ලබන 27 වැනිදා සිදුකරන බව ද ඇමතිවරයා සඳහන් කර සිටියේ. එමගින් පාරිභෝගිකයාට ඉතුරු මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳෙනු ඇතැයි ඇමතිවරයා සඳහන් කළේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එමෙන්ම ජනතාවට බලපාන බහාලුම් ප්‍රවාහන රථ, ත්‍රිරෝද රථ ආදියේත් ගාස්තු නියාමනයට ද කටයුතු කරමින් සිටින බව ඇමතිවරයා ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?