අද විදුලි කප්පාදුවේ වෙනසක්

අද (16) දිනයේදී ද විදුලි කප්පාදුව සිදුකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව ABCDEFGHIJKL යන කාණ්ඩ සඳහා පෙරවරු 8 සිට සවස 6.00 දක්වා පැය දෙකයි මිනිත්තු 30ක් ද, සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුලදී පැය දෙකක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුකරනු ඇත.

මේ අතර PQRSTUVW යන කාණ්ඩයන් සඳහා පෙරවරු 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුලදී පැය 03ක විදුලි කප්පාදුවක් ද, සවස 5.30 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුලදී පැය දෙකයි මිනිත්තු 30ක කාලය විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇති.

විදුලි කප්පාදුව සිදුකරනු ලබන කාල සටහන පහතින් දැක්වේ,

https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/03/E-16-03-2022-Power-Interruption-Schedule-full.pdf

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?