විදුලිය නෑ.. ඩොලර් නෑ.. ලංකාව අවදානම්.. සංචාරය නවතා මා යනවා..

ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන විදුලි කප්පාදුව සහ විදේශ විනිමය අර්බුදයෙන් මත ඇතිව තිබෙන තත්ත්වයන් හේතුවෙන් තමන් ශ්‍රී ලංකාවේ සංචාරය අතහැර පිටවන බව ජනප්‍රිය යූටියුබ් නාර්මාණකරුවෙකු වන කෙන් එබ්‍රෝඩ් සඳහන් කරයි.

තම යූ ටියුබ් නාලිකාව ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ සංචාරය වඩාත් නරක අතට හැරෙමින් පවතින නිසා තමන් සංචාරය අතහැර ශ්‍රී ලංකාවෙන් පිටව යන බවයි.

ශ්‍රී ලංකාව තුළ දෛනික පැය හත අටක් විදුලි විසන්ධි වන බවත් එය තමන්ට පමණක් නොව රට තුළ ව්‍යාපාර කටයුතුවලද බරපතළ ගැටලුවක් වී ඇති බවත් හෙතෙම කියා සිටී.

රට තුල බොහෝ අවන්හල් වසා දමා ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

කෙන් එබ්‍රෝඩ් තම වීඩියෝ පට හරහා ලොව පුරා සංචාරයට ප්‍රිය කරන පුද්ගලයන්ට විවිධ සංචාරක ගමනාන්තයන් වෙත ගොස් ම ස්ථාන ලොව පුරා ජනප්‍රිය කරවන්නෙකි.

ඔහු සාමාන්‍යයෙන් තම සංචාරක ගමනාන්තයන් පිළිබඳව ධනාත්මක අදහස් දක්වන්නෙකු වුවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවර එක් කර ඇත්තේ අයහපත් ප්‍රතිචාරයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?