AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් ගැන සුබ ආරංචියක්

මේ වන විට නැංගුරම් ලා ඇති ගෑස් නෞකා දෙකෙන් එක් නෞකාවක් සඳහා ගෙවීමි සිදුකිරීමට අවශ්‍ය ඩොලර් අද රාත්‍රියේ බොහෝවිට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලිට්‍රෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ නෞකාවේ ගෙවීම් සිදුකර අද රාත්‍රියේ ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් පවතින ගෑස් හිඟයෙන් පාරිභෝගිකයින් අදත් දැඩි අපහසුතාවට පත්වුණා.

දිවයිනට ළඟා වී ඇති ගෑස් නැව් සඳහා මුදල් ගෙවීමේ ගැටලු හේතුවෙන් ප්‍රමාණවත් තරම් ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් නොකෙරෙන වාතාවරණයක් මතුව තිබෙනවා.

ඒ හේතුවෙන් වෙළෙඳපොළ තුළ ගෑස් හිඟය තවදුරටත් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?