බීමත්ව දියට වැටුණු සිසුවා ගසා ගෙන යයි : යහළුවන් බලාගෙන සිටියි

පාසල් යන බව පවසමින් නිවසින් බැහැරව ගොස් මිතුරන් පිරිසක් සමග ගම්පහ දාරළුව කෙටවල ඇනිකට්ටුව අසල මත්පැන් පානය කරමින් සිටිය දී හදිසියේයේ දියට ඇද වැටුණු තරුණයෙකු සැඩ පහරේ ගසාගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා.

මෙලෙස මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ ගම්පහ වීරඟුල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙක්.

ඔහු සිය මිතුරන් පිරිසක් සමග මෙම ඇනිකට්ටුව අසල මත්පැන් පානය කරමින් විනෝද වෙමින් සිටි අතරවාරයේ යි මෙම අනතුරු සිදුවී ඇත්තේ.

මෙම තරුණයාගේ මළසිරුර ඔහු දියට වැටුණු ස්ථානයේ සිට මීටර 500 ක් පමණ පහළින් තිබිය දී සොයාගැනීමට ප්‍රදේශවාසීන්ට හැකියාව ලැබුණා.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ඇනිකට්ටුව අසල අනාරක්ෂිතව ගැවසීම අතිශය භයානක කරුණක් බවයි.

එහි ගලායන සැඩ පහර හේතුවෙන් මීට පෙරත් ජීවිත හානි රැසක් සිදු වී ඇති බව ඔවුන් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38