ඩීසල් එන තෙක් මාතර නගරයේ ඉන්ධන පිරවුම් හල් අසල රැදී සිටි රථ වාහන රියදුරන්ට (01) සවස ජිප් රථයකින් පැමිණි තරුණියක පානීය ජල බෝතල් බෙදා දෙන අයුරු දැක ගන්නට හැකි වුණා. පැය ගණන දිගු පෝලිම් වල රැදී සිටි රියදුරන්ට එය විශාල අස්වැසිල්ලක් වූ බවයි වාර්තා වන්නේ. බස් රථ,ට්‍රක් රථ,ලොරි,වෑන්,කාර්,ත්‍රී රෝද රථ ආදී සෑම වාහනයකම රියදුරන් එම ජල බෝතල් භාර ගත් අතර ඇතැම් රියදුරන් පිං දෙන අයුරුද දැක ගන්නට ලැබුණු බවයි අප වාර්තාකරු පැවසුවේ. කෙසේ වෙතත් මේ තරුණිය කවුද කියලා නම් දැනගන්න ලැබුණේ නෑ …කෙසේ නමුත් මේ සිදුවීම වාර්තා වෙන්නෙ මාතර ප්‍රදේශයෙන්.
ඩීසල් ලබා ගැනීමේ අරමුණින් මාතර නගරයේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල පැවති පෝලිම් කිලෝ මීටරයකට වඩා දුරට විහිදී තිබුණා. රථ වාහන පෝලිම් නිසා මාතර නගරයේ දැඩි රථ වාහන තදබදයක් ද පැවැති බවටයි වාර්තා වන්නේ.
එම තරුණිය කල ක්‍රියාවේ දැක්වෙන ඡායාරූප පහතින්