සංගීත සාජ්ජය අවසානයේ ගැටුමින් පොළිස් කොස්තාපල් රෝහලේ

පාදුක්ක මහජන ක්‍රීඩාංගනයේදී පැවැති සංගීතයක් අතරතුරදී දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් මැඩපැවැත්වීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකුගේ පපුවට පිහියකින් ඇන බරපතළ තුවාල කර ඇතැයි පාදුක්ක පොලීසිය පවසයි.

ඊයේ (26) රාත්‍රියේ මෙලෙස තුවාල ලබා ඇත්තේ පාදුක්ක පොලීසියේ අපරාධ අංශයට අනුයුක්තව සේවය කරන  (92513) මධුසංඛ නැමති පොලිස් කොස්තාපල්වරයෙකි.

බරපතළ තුවාල ලැබු කොස්තාපල්වරයා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් උල් පිහියක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

මහජන ක්‍රීඩාංගනයට මඳක් දුරින් පිහිටි රථගාල තුළදී සංගීතය නරඹා පිටවී යමින් සිටි කාන්තාවකගේ ශරීරය ස්පර්ශ කිරීම හේතුවෙන් දෙපාර්ශවයක් අතර ගැටුමක් හට ගෙන තිබේ.

පසුව එය සමතයකට පත්කිරීම සඳහා එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් අතර සිටි කොස්තාපල්වරයෙකු එම ස්ථානයේ සිටි අයෙක් පිහියකින් ඇන ඇතැයි පාදුක්ක පොලීසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.

පිහි ප්‍රහාරය කොස්තාපල්වරයාගේ පපුවේ දකුණු පසට එල්ල වී ඇතැයි වාර්තා වේ.

තුවාල ලැබු කොස්තාපල්වරයා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පාදුක්ක බෝපේ සහ අරකාවිල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර,  පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03
Video thumbnail
ලතා අම්මාට සමුදෙන්න ටීචර් අම්මත් එයි
01:49


?